www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

ගීතාවලිය 70.
දෙවියන්වහන්ස, මා මිදුව මැනව;
ස්වාමිනී මට උපකාර කරන්නට ඉක්මන් වුව මැනව.
මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජා වෙත්වා; වියවුල් වෙත්වා.
මට පැමිණි අන්තරාව ගැන ප්‍රීති වන්නෝ පසුබසිත්වා; අගෞරවයට පැමිණෙත්ත්වා.
ඔහෝ, ඔහෝ, කියන්නෝ තමුන්ට වූ ලජජාව නිසා පසුබසිත්වා.
ඔබ සොයන සියල්ලෝ ඔබ කෙරෙහි ප්‍රීති වෙත්වා; සන්තොෂවෙත්වා.
ඔබගේ ගැලවීමට ප්‍රේමවන්නෝ,
දෙවියන්වහන්සේ උසස්වන සේක්වා යැයි නිතරම කියත්වා.
නුමුත් මම දුප්පත්මි; දිළින්දෙක්මි.
දෙවියන්වහන්ස මා වෙතට ඉක්මනින් අව මැනව.
මාගේ පිහිටත් මිදුම් කාරයාණෝත් ඔබය;
ස්වාමිනී, පමානූන මැනව.
(දාවිත් විසින් කල යාඥාවකි.)
-ගීතාවලිය 70.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)